Premium Only Content
Moora piritha | මෝර පිරිත උදෑසන@DHAHAMI DERANA
Moora piritha | මෝර පිරිත උදෑසන@DHAHAMI DERANA
මෝර පිරිත
බුදුරජාණන් වහන්සේ පෙර ආත්මයක මොනරෙකු වී ජන්ම ලාභය ලැබූහ. වසර හත්සියයක් ආයුෂ වැලª මෙම රණ මොනරා දිනපතා පුරුද්දක් වශයෙන් අතීත බුදුවරුන්ගේ ගුණ මෙනෙහි කර සූර්ය නමස්කාරයේ යෙදී දිවා කාලය ගත කරන අතර හිරු බැස යන යාමේ එළඹි විට පෙර සේම අතීත බුදුවරුන්ගේ ගුණ මෙනෙහි කර නින්දට යයි. මේ පිළිවෙත පුරුද්දක් වශයෙන් නොකඩවා රැකීමේ ආනුභාවයෙන් රණ මොණරාට දීර්ඝායුෂ වැළඳීමේ භාග්‍යයක්, දිවි ඇති තුරා සියලූ ආරක්ෂාවක් හිමි බව සත්‍යයකි.
උදේ සවස වශයෙන් සජ්ඣායනා කිරීමට පිරිත් කන්ඩ දෙකක් ඇති මෝර පිරිත තේරුම අවබෝධ කරගෙන දිනපතා භාවිතයෙන් අපට ද බොහෝ ගුණ ලැබිය හැකි බව නැකත පාඨක ඔබට දන්වමු.
මෙහි එක ගාථාව උදේට දෙවැනි ගාථාව සවසට ද කියන්න.
පළමු ගාථාව.
උදේතයං චක්ඛුමා ඒකරාජා
හරිස්ස වණ්ණෝ පඨවිප්පභාසෝ
තං තං නමස්සාමි හරිස්ස වණ්ණං පඨවිප්පභා සං
තයජ්ජගුත්තා විහරේමු දිවසං
යේ බ‍්‍රාහ්මණා වේදිගු සබ්බධම්මේ
තේ මේ නමෝ තේච මංපාලයන්තු
නමත්ථු බුද්ධානං නමත්ථු බෝධියා
නමෝ විමුත්තානං නමෝ විමුත්තියා
ඉමං සෝ පරිත්තං කත්වා
මෝරෝ චරති ඒ සනා
දෙවන ගාථාව.
අපේ තයං චක්ඛුමා ඒකරාජා
හරිස්සවණ්ණෝ පඨවිප්ප භාසෝ
තං තං නමස්සාමි හරිස්සවණ්ණං
පඨවිප්පභාසං
තයජ්ජගුත්තා විහරේමු රත්තිං
යේ බ‍්‍රහ්මණා වේදගු සබ්බ ධම්මේ
තේ මේ නමෝ තේ ච මං පාලයන්තු
නමත්ථු බුද්ධානං නමත්ථු බෝධියා
නමෝ විමුත්තානං නමෝ විමුත්තියා
ඉමං සෝ පරිත්තං කත්වා
මෝරෝ වාසමකප්පයිති.
මෙහි තේරුම.
ලොව අඳුර දුරු කොට ලෝ වැස්සනට ඇස් පාදා දෙන හෙයින් ඇස් ඇති ලොවට එළිය දෙන්නා දෙන්නා වූ සසරින් රජෙක් වූ රන්වන් සිරුරක් ඇති මහපොළොව බලන්නා වූ මේ සූර්යයා නැගෙයි. රන්වන් ඒ හිරුට වඳිමි. ඔබගේ ආරක්ෂාව ලැබූ අපි මේ දවස සතර ඉරියව්වෙන්ම යුක්තව සැප සේ වෙසෙමු. ස්වාසනා සකල ක්ලේශයන් දුරුකළ යම් බුදු කෙනෙක් සියලූ දත යුතු ධර්මයන් දැන බුද්ධත්වය අවබෝධ කළා වූද උන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා. උන් වහන්සේලාද මා ආරක්ෂා කරන සේක්වා. අතීත බුදුවරයන් වහන්සේලාට ද මාගේ නමස්කාරය වේවා. උන්වහන්සේලා ද මා ආරක්ෂා කරන සේක්වා.
උන්වහන්සේලාගේ නව ලොවුතුරා බුදු ගුණයට ද මාගේ නමස්කාරය වේවා.
ඒ මයුර තෙම පිරිත කියා ගොදුරු සෙවීමේ හැසිරෙයි.
දෙවැනි මෝර පිරිතෙහි ද පෙර සේම මේ සූර්ය තෙම අප අතරින් ඉවත් වෙයි. ඔබගෙන් ආරක්ෂාව ලත් අපි සුවසේ වෙසෙමු. අනෙක්වා මුල් ගාථාව සේමය.
පිරිතේ ශාන්තිය.
මෙය ආරක්ෂාව සඳහා භාවිතා කළ හැකි පිරිතකි. මෙය නිසි පරිදි උදය සවස කීමෙන් තමන් අල්ලා
ගැනීමට, තමන්ට අනතුරු කිරීමට මාන බලන සොර සතුරන්ට අසු නොවී ආරක්ෂා වීමට පුළුවන. විශේෂයෙන් රැකීරක්ෂා වෙළහෙළඳාම් පාලන කටයුතු සඳහා දුර බැහැර යන හා සතුරු කරදර බහුල අයට මෙය නිතර භාවිත කිරීමෙන් ආරක්ෂාව සලසා ගත හැකිය.
උදේ අවදි වූ විගස නිදි යහනේ සිට පළමු ගාථාව තෙවරක් කියවන්න. එසේම ? නින්දට යන විට දෙවැනි ගාථාව තෙවරක් කියවන්න. එසේ නොහැකි නම් උදේ සවස ආගම සිහි කරන විට වුවද කීමට හැකිය. පාබල, නාවික, ගුවන් සහ පොලිස් ආදී ආරක්ෂක අංශයන්හි නිලධාරීන් මෙය උදේ සවස භාවිත කළොත් සතුරු උවදුරුවලින් ආරක්ෂාවක් සැලසෙයි. දුරාචාර වලින් වැළකී පන්සිල් රකිමින් මෙය භාවිතා කළහොත් නිසි ප‍්‍රතිඵල අත්වනු ඇත.
රාහුගේ අපල සඳහා ද මෙම ගාථා දෙක උදේ සවස කීම හොඳයි. මෙහි පළමු ගාථාව ‘‘උදේතයං” යන්ත‍්‍රයක් මෙන් ලියා ඉනේ බැඳීම රක්තවාතයට ගුණ දෙන්නකි. (108 වරක් මතුරා ගන්න.) මෙහි ‘‘අපේතයං” යන දෙවැනි ගාථාව 108 වරක් මතුරා ගෑමෙන් ඇවිලිල්ල සුවවේ.
-
1:08:32
DeVory Darkins
2 hours agoBREAKING: Minnesota Judge Makes FATAL MISTAKE Overturning Jury’s $7.2M Somali Fraud Verdict
94.9K42 -
7:40
Colion Noir
30 minutes agoArmed 7-Eleven Clerk Shoots Attacker & Gets Fired
11 -
2:07:24
Side Scrollers Podcast
3 hours agoAsmongold/DSP RESPONSE + Kaceytron’s Life IMPLODES + Lunduke Gets Threats + More | Side Scrollers
83K4 -
2:22:52
Steven Crowder
5 hours agoDonald Vs. Ilhan: Trump Boots Somalis and The Meltdown is Glorious
408K296 -
1:04:37
Sean Unpaved
4 hours agoIs Lane Kiffin Staying At Ole Miss Or LEAVING For LSU? | UNPAVED
9.79K -
29:48
The White House
3 hours agoPresident Trump and The First Lady Participate in the Thanksgiving Turkey Pardoning
24.3K15 -
1:58:04
The Charlie Kirk Show
3 hours agoMark Kelly Court Martial + AI Embargo + Thanksgiving | Davis, Federer, Newcombe | 11.25.2025
56.5K18 -
53:20
The Rubin Report
4 hours agoLara Trump Destroys Bill Maher’s Narrative w/ Facts in 1 Minute
40.9K44 -
56:32
TheAlecLaceShow
2 hours agoGuest: Rep. Tim Burchett | Ukraine Russia Peace Deal | Trump SLAMS Seditious 6 | The Alec Lace Show
12.8K -
LIVE
LFA TV
16 hours agoLIVE & BREAKING NEWS! | TUESDAY 11/25/25
2,021 watching